බියගම විලේජ් අධිපති ඝාතනයට යාපනය එස්එස්පී මාට්ටු -පුපුරන ද්‍රව්‍ය දීලාලූ

බියගම විලේජ් හෝටලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික බර්නාඞ් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. පී. විමලසේන මහතා හා කොස්ගොඩ පොලීසියේ සේවය කරන පොලිස් පරික්ෂක මහේෂ් ආනන්ද මහතා අද (27දා) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.

 2012 වසරේදී සිදුවූ මෙම ඝාතනයේ සැබෑ ඝාතකයා වුයේ ඔහුගේම පුත‍්‍රයාය.  එසේ වුවද, ඝාතනය සිදුකර එය වෙනත් තරුණයකු එය සිදුකල බවට බොරු සාක්ෂි නිර්මාණය කර තිබු අතර, අදාල තරුණයාගේ නිවස ආසන්න ප‍්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය වල දමා තිබියදි පොලිසිය
විසින් සොයා ගන්නා ලදි.

කෙසේ වෙතත්. එම පුපුරණ ද්‍රව්‍ය ඝාතක පුත‍්‍රයා විසින් ගෙන්වාගෙන ඇත්තේ එවකට විශේෂ කාර්ය බලකායේ සේවය කල ඔහුගේ මිත‍්‍ර පොලිස් අධිකාරිවරයෙකු මගිනි.

මෙම සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදුකල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැබෑ ඝාතකයා වෙත පුපුරණ ද්‍රව්‍ය සැපයිමේ වරද සම්බන්ධයෙන් එවකට විශේෂ කාර්ය බලකායේ  සේවයේ යෙදි සිටි දැනට යාපනය ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා කොස්ගොඩ පොලීසියේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයා මෙහේ අත්අඩංගුවට ගෙන තිබේ.

බර්නාඞ් මහතා ඝාතනයට ලක් වුයේ ඒ මහතාට අයත් දොම්පේ ප‍්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකට 2012.02.20දා පෙරවරුවේ යමින් සිටියදීය.
හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනෙක් පැමිණ බර්නාඞ් මහතා කපා කොටා ඝාතනය කර පළාගොස් තිබූ අතර එම ඝාතනය කුලී කොන්ත‍්‍රාත්තුවක් මත සිදුවූ එකක් බවට ප‍්‍රචාරය විය.
කෙසේ හෝ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව රහස් පොලීසිය විසින් පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරීය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්