ආරක්ෂක ඇමති රුවන්ගේ ආයතන 14න් 10ක්ම ඉවත් කලේ ඇයි?

රාජ්‍ය ආරක්ෂක ඇමැති ධුරය භාරගත් රුවන් විජයවර්ධන මහතා මීට සති 2කට ඉහතදී යාපනයේ නිල සංචාරයක නිරත වෙමින් යුද හමුදා කඳවුරුවල ඇතුළට ගොස් සිටින ආකාරයත්, හමුදා ආචාර පිළිගැනීමට
කටයුතු කළ ආකාරයත්, එහිදී උතුරේ ආරක්ෂාව පිළිබඳ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කිහිපයක් කළ ආකාරයත් මාධ්‍ය ඔස්සේ රටටම දැකගත හැකි විය.

මේ අවස්ථාවේදී ශ‍්‍රී ලනිපයේ බොහෝ දෙනා මතුකර සිටි ප‍්‍රශ්නයක් වූයේ රාජ්‍ය ආරක්ෂක විෂය ජනාධිපතිවරයා අත පවතිද්දී රුවන් මේ ආකාරයට උතුරේ හමුදා කඳවුරු වෙත ගොස් ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද යන්නය. කෙසේ වෙතත් රුවන්ගේ මෙම යාපන සංචාරයෙන් පැය 48ක්
යෑමට මත්තෙන් එක්තරා අපූරු සිදුවීමක් සිදුවිය. ඒ, රුවන් යටතේ තිබූ ආයතන 14න් 10ක්ම ඔහුටත් නොදන්වා ඔහුගෙන් ඉවත් කිරීමය.

එහිදී කියවුණේ එම ප‍්‍රධාන ආයතන 10ම ජනාධිපතිවරයා යටතට හදිසියේම පවරා ගත් බවත්, ජාතික ශිෂ්‍ය භට බළකාය, ආරක්ෂක සේවා පාසල, ආරක්ෂක සේවා ආඥා හා මාණ්ඩලික විද්‍යාලය, රණවිරු සේවා අධිකාරිය යන ආයතන 4 පමණක් රුවන්ට අයිති බවත්ය. එමෙන්ම රුවන් යටතේ පවතින මෙම ආයතන 4න් එකක් වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති ධුරයට අනෝමා ෆොන්සේකා පත් කළ බවද එහිදී කියවිණි.

මීට අමතරව ඉහළින් ලැබුණු තවත් නියෝගයකින් කියවී තිබුණේ රුවන් එතෙක් රාජකාරි කටයුතු කළ කොළඹ කොටුවේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැඟිල්ලෙන් ඉවත්වන ලෙසටත්, ඒ වෙනුවට ‘රේණුකා‘ හෝටලයේ කාමර කිහිපයක් කුලියට ගෙන එහි සිට කටයුතු කරන ලෙසටත්ය. මෙම වෙනස රුවන්ගේ යාපන ගමන නිසා සිදුවූවක්ද, එසේත් නැත්නම් එම ගමන ජනාධිපතිවරයාගේ අනුදැනුමෙන් තොරව සිදුවූවක් නිසාද යන්න තවමත් අනාවරණය වී නැත.

(මවිබිම)

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්