හොරණ තක්ෂිලා - ශ‍්‍රීපාලි සිසු ගැටුමෙන් ගුරුවරියක ඇතුළු හතකට තුවාල

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ හා ශ‍්‍රීපාලි මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (23) හොරණ නගරයේදී ඇති වූ ගැටුමකින් සිසුන් හත්දෙනකු සහ ගැටුම බේරීමට ගිය පාසල් ගුරුවරයකු තුවාල ලබා තිබේ.
තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ සිසුන් සිව්දෙනකු
සහ ශ‍්‍රීපාලි මහා විද්‍යාලයේ සිසුන් තිදෙනකු තුවාල ලබා හොරණ මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ගැටුම බේරීමට ගිය ශ‍්‍රීපාලි මහා විද්‍යාලයේ ගුරුවරයකු ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව වෛද්‍ය අධිකාරි තමර කළුබෝවිල මහතා පවසයි. මාර්ගයේ ගමන් ගත් පදිකයින් කිහිප දෙනකුද මෙම ගැටුමට මැදි වී තුවාල ලබා තිබේ.

උපකාරක පන්තියකදී ඇති වූ සිද්ධියක් ගැටුමට මුල් වී ඇති බවත් 11, 12 සහ 13 ශ්‍රේණියන්හි අධ්‍යාපනය හදාරන සිසු පිරිසක් මෙයට සම්බන්ධ බවටත් තොරතුරු අනාවරණය වී තිබේ. ගල්, පොලූ සහ මුගුරුවලින් පහර දෙමින් දෙපිරිස අතර ගැටුම සිදු වී ඇත. ගැටුම අවස්ථාවේ හොරණ-අඟුරුවාතොට මාර්ගයේ ධාවනය වූ ලංගම බස් රථයක වීදුරුවකට ද ගල් පහරක් වැදී හානි වී ඇතැයි ලංගම නිලධාරීන් පවසයි.

හොරණ මූලස්ථාන පොලිසිය නගරයේ ආරක්ෂාව තර කර ඇති අතර ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බන්ධුලාල් රෝහණ-හොරණ

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට