යූඒඊ ක‍්‍රිකට් ටීම් එකේ ලංකාවෙ දෙන්නෙක්

අයර්ලන්තයට එරෙහිව අද පැවති එක්දින ක‍්‍රිකට් තරගයට සහභාගි වන එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත්ව සිටිති.
ඒ, ආරම්භ පිතිකරු ඇන්ඩ‍්‍රි බෙරෙන්ජර් සහ වේග පන්දු යවන්නෙකු වන
මංජුල ගුරුගේ යන ක‍්‍රීඩකයින් දෙදෙනා යි.
1991 වසරේ අගෝස්තු මස 29 වන දා ඇන්ඩ‍්‍රි උපත ලබා ඇත්තේ, කොළඹදීය. ඔහු කොළඹ, ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ශ‍්‍රී ලංකා 19 පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයෙකු වූ ඔහු සීදූව
රද්දොළුව ක‍්‍රිකට් සමාජය, ක්‍ක්‍ක්‍ ක‍්‍රිකට් කණ්ඩායම සහ සීසීසී ක‍්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කර ඇති ක‍්‍රීඩකයෙකි. ඔහු එක්සත් අරබි එමීර් රාජ්‍යය නියෝජනය කළේ, 2014 එනම් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට ය. ජාත්‍යන්තර එක්දින ක‍්‍රිකට් තරග 5කට සහභාගි වී ඇති ඇන්ඩ‍්‍රි එහිදී අර්ධ ශතක 2ක් රැස් කිරීම විශේෂත්වයකි.

මංජුල ගුරුගේ 1981 වසරේ පෙබරවාරි 14 වන දා උපත ලබා ඇත්තේ, අම්බලන්ගොඩදී ය.
ඔහු සිංහ ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෙකු වන අතර 2014 වසරේ පෙබරවාරි මාසයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරයි.
ජාත්‍යන්තර එක්දින තරග 3කට සහභාගි වී ඇති මංජුල, මේ වන විට කඩුලූ 5ක් දවාගෙන තිබේ.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්