ඌරුමස්, එළුමස්, කුකුළුමස්, ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, මාළු ඔළු සමඟ සැමරූ පිටිදුවේ හිමියන්ගේ 40 වන උපන් දිනය

පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමිගේ 40 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් 150 ක් හිමිනමක් විෂයෙහි දානමය පින්කමක් බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ‍්‍රමයේදී ඊයේ
(24දා) පැවැත්වුණා. මෙය ගිහියෙකුගේ උපන් දින සාදයකටත් එහා ගිය සිරියක් ගත් බව වාර්තා වනවා.
ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට ගොස් දානය පූජා කිරීමේ ක‍්‍රමය වෙනුවට බුෆෙ ක‍්‍රමයට
ආහාර පිරි නැමුණ අතර ඌරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සමඟ ප‍්‍රණීත දානයක් එහි වැඩම කළ භික්ෂුන් වහන්සේටත්, උපන් දින උත්සවයට පැමිණි අයටත් දිවා ආහාරය පිණිස සකස්කර තිබුණා.
හක් ගෙඩි වලින් සැරසූ විශාල කේක් ගෙඩියක් කපා උපන්දිනය සමරන අවස්ථාවේ හිමියන් සමග සිටියේ ඊඒපී සමූහ ව්‍යාපාර අධිපතිනියයි.
සාදයට ආහාර පිළිගන්වන ලද්දේ දන් පිළිගැන්වීම සාම්ප‍්‍රදායිකව නොකරන සුදු පැහැති මලකින් හිස සරසාගත් තරුණ කාන්තාවන්ය. දානය අවසානයේ පැමිණි සියල්ලන්ට තෑගි බෝගද ලැබුණි. පහත පළවන්නේ එම ඡායාරූප කිහිපයකි.























Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්