මාල දිවයින් හිටපු ජනපති පාරේ ඇදගෙන යයි

අත්අඩංගුවට පත් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂිඞ් අද පස්වරුවේ නඩු විභාගය සදහා එරට අපරාධ අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ එරට

උද්ඝෝෂකයින්ගේ බාධා කිරීම් මැදය. එම අවස්ථාවේ මිලිටරි පොලිස් නිලධාරීන්ට ඔහුව පාරේ ඇදගෙන යාමට සිදුවිය.
ඔහු ඊයේ අත්අඩංගුවට ගත්තේ අපරාධ අධිකරණයේ වරෙන්තුවක් මත ත‍්‍රස්ත චෝදනා යටතේදීය.
හිටපු ජනාධිපතිවරයා අධිකරණයට රැගෙන එන අවස්ථාවේ අධිකරණය අවට උද්ඝෝෂණ පැවති අතර විරෝධතාකරුවන් තව දුරටත් ඒ අසළ රැඳී සිටින අතර පොලීසිය යොදා ආරක්ෂාව දැඩිකරන්නට සිදුව තිබුණි.
ඔහුගේ පාලන සමයේ අපරාධ අධිකරණයේ ප‍්‍රධාන විනිසුරු අබ්දුල්ලා ගාසි අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනිමේ ක‍්‍රියාව වරදක් ලෙස දක්වා ත‍්‍රස්ත චෝදනා යටතේ මොහොමඞ් නෂිඞ් අත්අඩංගුවට ගනු ලැබිණි.
ඔහුව පාරේ ඇදගෙන අධිකරණයට රැගෙන යන්නට සිදුවූ දර්ශනයේ වීඩියෝව පහතින්



Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට