නුගේගොඩ රැස්වීම මහින්ද බැලූවෙ යූ ටියුබ් එකෙන්ලූ

සන්ධානයේ පක්ෂ කිහිපයක් එක්වී පසුගියදා නුගේගොඩ පැවැත්වූ දේශපාලන රැස්වීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අප්ක්ෂක ලෙස නම් කිරීම උදෙසා පවත්වන ලද්දක් වන අතර එම රැස්වීමට මහින්ද රාජපක්ෂ ආවේ නැත.

මෙම රැස්වීම ප‍්‍රධාන රූපවාහිනී නාලිකාවලින් විකාශය වූයේ නැති නමුත් එම සංවිධායකයින් එය අන්තර්ජාලයේ යූටියුබ්හි
සජීවී ලෙස විකාශය කරන්නට කටයුතු කර තිබුණා. මහින්ද රාජපක්ෂද එය නරඹා ඇත්තේ යූ ටියුබ් ඔස්සේය. එය හෙළිවන්නේ මහින්ද රැස්වීම අතරතුර විමල් වීරවංශට ලබාදුන් දුරකථන ඇමතුමකිනි.

‘ආ විමල් මමත් දැන් මේ ඉන්ටර්නෙට් එකේ ලයිව් බලන ගමන් තමයි ඉන්නෙ. පුදුම සෙනගක් ඇවිල්ල ඉන්නව නේද?  ඕගොල්ලොන්ගෙ වැඬේ සාර්ථකයි වගේ පේන්නෙ.’
මහින්ද කියූ විට විමල් කියා ඇත්තේ, ‘ඔව් ජනාධිපතිතුමා රැලිය අති සාර්ථකයි...
මේ මෙතැන සද්දෙ ජනාධිපතිතුමා මං පස්සෙ කතා කරන්නම්කො..’ කියමින් විමල් ඇමතුම ඒ සමගම විසංධි කර තිබුණි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්