CSN රූපවාහිනිය නවතී

යෝෂිත රාජපක්ෂට අයත් බව කියන සීඑස් එන් රූපවාහිනී නාලිකාව ලබන ඉරිදා මාර්තු 01 දා සිට වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.

පසුගිය 24 වනදා සිට එහි සේවකයින් සියල්ලට නිවාඩු දී ඇති අතර 30 දෙනෙකුට
පමණ වන්දී ලබා දී ආයතනයෙන් ඉවත් කර ඇති බවද වාර්තා වෙයි.
මෙම සේවකයින්ගෙන් කොටසක් සීඑස්එන් නාලිකාවට අනුබද්ධව පවත්වා යන සිංහ එෆ් එම් රේඩියෝවට සම්බන්ධ කරගැනීමට නියමිත බවද
මේ අතර වාර්තා වුණා.
මෙම නාලිකාව පසුගිය කාලයෙහි රජයට ගෙවිය යුතු බදු මුදල් කිසිවක් ගෙවා නැති බව පසුගිය අතුරු අයවැයේදී මුදල් ඇමති රවි කරුණානායක හෙළි කළා. විකාශන කුළුණු 6 කට වැඩි ක‍්‍රීඩා නාලිකා වලට බදු ගසන බව කියමින් පසුගිය අයවැයෙන් රුපියල් මිලියන දහසක බදු මුදලක් ගෙවිය යුතු බවට අලූත් බද්දක් පැනවීම නිසා එයට හසුවූ එකම නාලිකාව බවට පත් සීඑස්එන් නාලිකාව එවැනි විශාල බද්දක් ගෙවීම

නොහැකි නිසා අයිතිය අතහැර මෙසේ වසා දමන්නට තීරණය කර ඇත.

මෙම නාලිකාව ගොඩනැගීමට පැවති රජය රාජ්‍ය දේපළ අනිසි ලෙස යොදාගත් බවට ආරංචි තිබුණ අතර වැඩි වාසි ලබාගැනීමේ අටියෙන් ක‍්‍රිකට් තරත විකාශන ඒකාධිකාරයක්ද එම නාලිකාවට  දේශපාලන අනුග‍්‍රහය මත ලබා තිබුණි.

මේ අතර කටකතා පැතිරුනේ මෙම නාලිකාවේ ඇතැම් නිලධාරීන්ට පසුගිය සමයේ වැටුප් ලබාදෙන ලද්දේ ජනාධිපති කාර්යාලය විසින් බවටය.
යෝෂිත රාජපක්ෂගේ පැරණි පෙම්වතිය වූ යසාරා මෙම නාලිකාවේ ප‍්‍රධානියා ලෙසද කලක් කටයුතු කළා.
ලංකාවේ රගර් ක‍්‍රීඩාව හා රේස් ක‍්‍රීඩා ජනප‍්‍රිය කිරීමට මෙම නාලිකාව

විශාල වෙහෙසක් ගත් අතර ක‍්‍රිකට් තරග විකාශ අයිතිය උදුරාගෙන දිවයිනේ වැඩි කොටසකට නොපෙනෙන ලෙස ඒවා විකාශය කළ නිසා ක‍්‍රිකට් ක‍්‍රීඩාව අප‍්‍රකට කළ බවටද මෙම නාලිකාවට චෝදනා එල්ල විය.

මෙම නාලිකාව සමග ගිවිසුමක් ඇතිව චීනයේ ‘සීසීටීවී’ නැමති ප‍්‍රවෘත්ති නාලිකාවද ඔවුනගේ ප‍්‍රති විකාශනයන් ලංකාවේ පවත්වාගෙන යනු ලැබුණි.
කාල්ටන් නෙට්වර්ක් යටතේ සීඑස්එන් රූපවාහිනිය වසා දැමූවද සිංහ එෆ් එම් ගුවන් විදුලි නාලිකාව වසා දමා නැත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්