මමත් දරුවො රෝයල් දාන්න කූඨ ලේඛන හැදුවා එත් බැරිවුණා- සන්නස්ගල
ඊයේ(23) කොළඹ පදනම් ආයතනයේ පැවති ‘මිස්ටර් ප‍්‍රසිඩන්ට්‘සංකල්පයේ විකාශය පිළිබඳ පැවති දේශනයක් අමතමින් උපුල් ශාන්ත සන්නස්ගල කියා සිටියේ ඇයට එල්ලවී ඇති චෝදනාව වන‘කූඨ ලේඛන සැකසීම‘සැබවින්ම වරදක් බවත්, එහෙත් එය සමාජ ක‍්‍රමයේම වරදක කොටසක් බවයි.
කොළඹ රාජකීය විද්‍යාලයට ළමුන් ඇතුළත් කර ගැනීමට අදාළව චක‍්‍ර ලේඛයේ 3(1) වගන්තියට අනුව ළමුන් ඇතුළත් කරගත හැක්කේ පාසලට මීටර් 100 ක දුරින් සිටින ළමුන් පමණක් බවත්, එකී භූමි ප‍්‍රදේශයට අයත් වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිවස පමණක් බවත් ඔහු සඳහන් කළා.
ඒ නිසාම රාජකීය විද්‍යාලයට ළමුන් ඇතුළත් කිරීමට බොහෝ දෙනා කූඨ ලේඛන සකස් කරන බවත්, අදාළ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලබන්නේනම් රාජකීය විද්‍යාලයේ සිසුන්ගේ මව්පියන්ගෙන් 99%ක්ම අත්අඩංගුවට ගත යුතුව ඇති බව සන්නස්ගල මහතා අවධාරණය කළා.
තමන්ගේ පිරිමි ළමුන් දෙදෙනා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා තමාද බුලර්ස් පාරේ ලිපිනයක් යොදාගෙන කූඨ ලේඛන සකස් කළ බවත්,ඉතා
විශාල ලිපි ගොනු සකස් කළ බවත්, එහෙත් ඔවුන් අදාළ පාසලට අතුළත් කිරීමට නොහැකි වුණු බවත් හෙතෙම සිහිපත් කළා.
මීට පෙරාතුව මහරගම ඩිපෝ අධිකාරීවරයා තමාගේ දැරිය කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කිරීමට අයදුම් කළද එය නොලැබුණු පසු කොට්ටාව,හෝමාගම,අවිස්සාවේල්ලෙන් එන බස් රථ නැවැත්වීමට කටයුතු කර තිබුණ නිසා
එදින විදුහල්පතිනිය ඩිපෝ අධිකාරීවරයාට කතා කොට සිසුවියන් 400 කගේ පමණ පැමිණීමට බාධා එල්ලවී ඇති බව දන්වා ඇත.
ඩිපෝ අධිකාරීවරයා පවසා ඇත්තේ තමාගේ දියණිය මහරගම බැවින් පාසලට ඇතුළත් කර නොගත් බව හා ඊට එපිට පෙදෙස් වලින් එම විද්‍යාලයට සිසුවියන් පැමිණීම අපේක්ෂා කළ නොහැකි බවය.
ඊට පසුදින ඩිපෝ අධිකාරීවරයාගේ දියණිය පාසලට ඇතුළත් කර ගැනීමට විදුහල්පතිනිය කටයුතු කළ බවද සන්නස්ගල මහතා කියා ඇත.
මේ නිසා මේ සමාජ ක‍්‍රමය තුළ වංචාව,දූෂණය පැතිර පවත්නා බවත්,5%ක් වැනි ඉතා සුළු පිරිසක් පමණක් එසේ නොවන නමුත් එම සුළු පිරිසද මහා පරිමාණය හමුවේ දියවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.