රූපවාහිනී වැඩසටහනකදී බිරියගේ නඩුව මතක් කළ විට විමල් පරල වෙයි Video

ඊයේ (26) රාත‍්‍රී හිරු ටීවී නාලිකාවේ බලය වැඩසටහනට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගෙන් සිය බිරියට එල්ලව ඇති කූඨ ලේඛන චෝදනාව සම්බන්ධ කරුණක් මතක් කරන ලද අවස්ථාවේ ඔහු කුපිතවී ප‍්‍රතිවාදී
කථිකයින්ට හා රජයට නොසෑහෙන්න බැණ වැදුණේය.
විමල්, ගම්මංපිල එක් පාර්ශ්වයකටත් හරින් හා අජිත් අනෙක් පාර්ශ්වයටත් වශයෙන් කැඳවා තිබූ වැඩසටහන තුළ විමල්ගේ බිරියගේ ප‍්‍රශ්නය
ගැන කිසිවෙක් කථා නොකර තිබූ අතර වැඩසටහන අවසානයට කිට්ටුව එක්තරා අවස්ථාවකදී වෙනත් කරුණක් සම්බන්ධයෙන් විමල්ට පිළිතුරක් දෙන්නට ගිය නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා යහ පාලන ආණ්ඩුවේ දිනයක් අකුරක් උපන් දිනයක් වෙනස් කරත් හිරේ යන්නට සිදුවිය හැකි බව මතක් කළ සැණින් විමල්

එය තම බිරිය ගැන කියූ උපහාස පිළිතුරක් ලෙස තේරුම් ගත් අතර එයට ප‍්‍රතිචාර ලෙස කුපිත වූයේය.

‘දාන්න මහත්තයො හිරේ..තමුන්නාන්සේලට සතුටු වෙන්න  ඕන ඒක නම්.. අපි ලෑස්තියි. අපි දරු පවුලට කරදර කරනවයි කියන බයට තමුන්නාන්සෙලගෙ දෙපතුල ළඟ වැඳ වැටෙන්නෙ නෑ..මේ රට වෙනුවෙන් අපේ වගකීමක් තියනව හිරගෙවල් සීයක දැම්මත් ඒ වගකීම අත්අරින්නෙ නෑ..අපි අපේ ගමන නතර කරන්නෙත් නෑ..ඔයිට වඩා ලෝකෙ හුඟක් නායකයො හිරේ ගිහින් තියනවා...

(අජිත්  - හැබැයි ඒ විප්ලව කරල.. මා ඕ සේතුං ලෙනින් උප්පැන්න සහතික බොරු කරල හිරේ ගියෙ නෑනෙ)
කරුණාකරල අහගෙන ඉන්නකරුණාකරල අහගෙන ඉන්න........ විජයව නැක්සලයිට් කාරය කියල හිරේ දැම්මේ තමුන්නාන්සෙලගෙ ආණ්ඩුව..
තමුන්නාන්සෙලගෙ වගේ පාදඩ ආණ්ඩු වලින් බොරු චෝදනා දාල  ඕන තරම් හිරේ යවල තියනව..ජේවීපී එකත් තමුන්නාන්සෙලත් එක්ක දැන් හොඳින්.විජේවීර මරපු අය අල්ලන්න කියන් නෑ.. හැටදාහක් කොල්ලො මැරුව අය අල්ලන්න කියන්නෙ නෑ..අපිට විතරයි ඔව්වා’
එම කොටසේ වීඩියෝව පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්