මිස්කෝල් එකකින් මව සමග යාළුවී දියණියට අතවර කල තරුණයා
ගම්පොල වත්තහේන අඟුරුමුල්ල පදිංචි 48 හැවිරිදි පස් දරු මවක් කළුබෝවිල දෙහිවල පදිංචි 23 හැවිරිදි තරුණයකුට ලබාදුන් මිස් කෝල් (මඟහැරුණු ඇමතුමකින්) එකකින් හිතවත් වී ඔහු ඇගේ නිවසට කැඳවා වසරකට අධික කාලයක් තිස්සේ මෙම
කාන්තාව නිවසේ නොසිටි අවස්ථාවල ඇගේ 12
හැවිරිදි දියණියට වරින් වර බරපතළ ලිංගික අපයෝජනය කළ මෙම පුද්ගලයා ලබන මාර්තු 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ කළුබෝවිල දෙහිවල පදිංචි ශානක නුවන් බණ්ඩාර වීරකෝන් නමැති අයෙකි.
අතවරයට පත් මෙම දැරිය පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇය වෛද්‍ය පරීක්ෂණය සඳහා ගම්පොල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලන්ති නීලවල මහත්මිය වෙත ඉදිරිපත් කොට ඇත.
මෙම දැරියගේ මව විවාහ දෙකක් සිදු කරගෙන ඇති තැනැත්තියක වන අතර ඉන් පළමු විවාහක දරුවන් තිදෙනාම විවාහක වන අතර දෙවන විවාහයේ දරුවන් දෙදෙනාගෙන් 12 හැවිරිදි මෙම දැරිය මෙසේ අතවරයට ලක්ව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
48 හැවිරිදි මෙම කාන්තාවගේ දෙවන සැමියාද ඇය අතහැර ගොස් සිටින අතර ඉටි රෙදි ගැසූ කුඩා කාමරයක මෙම දරු දෙදෙනා සමග ඇය කාලය ගතකොට ඇත.
දිනක් ඇය යම් කෙනෙකුට දුරකථන ඇමතුමක් දීමට උත්සාහ ගනිද්දී එය වැරදීමකින් දෙහිවල පදිංචි මෙම 23 හැවිරිදි තරුණයාට ගොස් ඇති අතර ඒ අනුව හිතවත් වී මෙසේ එම තරුණයා ඇගේ නිවසට කැඳවා ඇත.
මව සමග එකට ජීවත් වූ මෙම පුද්ගලයා ඇගේ මෙම දියණිය නැහැවීම, ඇඟ සේදීම පවා සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
දිනක් මෙම කාන්තාව ගම්පොල නගරයට ගොස් නිවසට එන විට මෙම පුද්ගලයා දියණිය සමග ඇඳේ සිටිනවා දැකීම නිසා සිද්ධිය හදිසි ඇමතුම් අංශයට ලබා දී ඇත.
ගම්පොල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා, සා.පො.අ. චූලනී වීරරත්න, ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති, ප‍්‍ර. පො. පරීක්ෂක යාපා බණ්ඩාර යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති ටී. ආර්. තල්වත්ත, පො. ප. (29229) රූපසිංහ, පො. කො. (68727) නුවන්, ළමා හා කාන්තා කාර්යාංශයේ පො. කො. (3653) උදේනි යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.
ගම්පොල - සුරංග දිල්හාන්