කමල් අද්දරආරච්චි කුමාර් සංගක්කාර එජාපයෙන් මහමැතිවරණයට
ඊළඟ මහමැතිවරණයේදී ලංකාවේ ප‍්‍රකට සිනමා තාරකාවක් වන කමල් අද්දරආරච්චිත් ක‍්‍රිකට් තාරකාවක් වන කුමාර් සංගක්කාරත් දේශපාලනයට අවතීර්ණවී එජාපයෙන් තරග වදිනු ඇති බවට
විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා. ඔවුන්ගේ මෙම පැමිණීම අවසන් මොහොත වනතුරු රහසක් ලෙස තබාගන්නටද උපදෙස් ලැබී ඇත.
කමල් අද්දරආරච්චි පසුගිය ජනපතිවරණ කාලයේ දේශපාලන පක්ෂයකට
නැඹුරුව කටයුතු කර තිබුනේ නැති අතර ඔහු පසුව කියා තිබුනේ තමා එලෙස ප‍්‍රවේශම්වීම ගැන කලාකරුවෙකු ලෙස සතුටට පත්වන කාරණාවක් බවයි. සිනමාවට සම්බන්ධවීමට පෙර සිටම ව්‍යාපාර කටයුතුවල නියැළුණ කමල් මෑත කාලයේ අතගැසූ ව්‍යාපාර ගණනාවක් අසර්ථකවීම ගැනද පසුගියදාක පුවත්පත් සාකච්ඡාවකදී කණස්සල්ලෙන් අදහස් පළකර තිබුණා. ඉංග‍්‍රීසි ගුරුවරයෙකු ලෙස මෙන්ම රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කමල් දක්වා තිබෙන හැකියාවන් මත ඔහුට නළුවෙකු
ගායකයෙකුට වඩා කථිකත්වයේ දක්ෂතාවන් තුළින් අනාගතයක් තිබෙන බව ඔහුට සමීපතමයින් පවසා තිබෙන අතරම ඔහුට දේශපාලනයට උනන්දුවද ඇති කර තිබෙනවා.
මේ අනුව කමල් එජාපයෙන් මැතිවරණයට ඉල්ලන්නට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහුට පවතින කීර්තිය නිසා පහසුවෙන් ඕනෑම මැතිවරණ කොට්ඨාසයක් දිනාගන්නට හැකි බැවින් එජාපයට දිනන්නට අභියෝග පවතින ප‍්‍රදේශයකට ඔහු යොමුකරනු ඇති බවත් වාර්තා වනවා.
කුමාර් සංගක්කාර ලංකාව වැනි රටක දේශපාලනයට එනවාට ඔහුගේ ක‍්‍රිකට් ලෝලීන් කිසිසේත් කැමති නොවන නමුත් ඔහු ක‍්‍රිකට් පිටියෙන් විශ‍්‍රාම යද්දී ඉන්දියාවේ සචින් තෙන්දුල්කාර් අනුගමනය කරමින් දේශපාලනයට පිවිසෙන්නට අදහස් කරන බවද විශ්වාස කටයුතු ආරංචි පවතිනවා.
ඔහු එජාපයෙන් ඉදිරි මහමැතිවරණයට තරග කරන්නට අදහස් තබාගෙන සිට ඇත්තේ මින් වසර කිහිපයක පමණ සිටයි.
ඔහුට දිගින්දිගටම කෙනෙහිලිකම් කළ මහනුවර දිස්ත‍්‍රික්කය නියෝජනය කළ හිටපු ක‍්‍රීඩා ඇමතිට එරෙහිව ඔහු පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේද එම විරෝධතා පළකළ අතර එම තැනැත්තාටද එදිරි වෙමින් ඔහු මහනුවරින් එජාපයෙන් තරග කරනු ඇති බව වාර්තා වනවා.
ඒ අතරම ඉදිරියේදී ක‍්‍රීඩාව සම්බන්ධ ඇමතිකමක් හෝ නියෝජ්‍ය ඇමතිකමක් ලබාගන්නටද ඔහු බලාපොරොත්තුවෙන් සිටින අතර මෙම වෑයම හුදෙක් ලංකාවේ දූෂිත දේශපාලනයට ඇතුළුවීම නොව ඔහු උගත් දෙයින් හා අත්දැකීම් ලද දෙයින් රටට සේවයක් කිරීම බව ඔහුට සමීප ආරංචි හෙළි කරනවා.කුඩා කළ සිටම සංගක්කාර ක‍්‍රීඩාවට මෙන්ම අධ්‍යයන කටයුතු සඳහාද දක්ෂයෙකු වූ අතර අධ්‍යාපන සුදුසුකම් මත කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයටද තේරුණු අයෙකි.