කොම්පියුටර් උගන්නන ගමන් සිසුවියගේ පපුව අතගාලා... පිළියන්දල පාසැලේ කොම්පියුටර් සර් අත්අඩංගුවට

පාසැලක පරිගණක විෂය කාල පරිච්ෙඡ්දයක පරිගණක කාමරයට ආ සිසුවියකට එම විෂය උගන්වන ගුරුවරයෙකු අතවර කරන්නට උත්සාහ දැරීමේ සිදුවීමක් නිසා ඊයේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ප‍්‍රාථමික පාසල දෙමාපියන් විසින් වටළනු ලැබ විශාල කලබගෑනියක් ඇතිවී තිබෙනවා.

එම පාසලේ තෙවන වසරේ සිසු දැරියක්
මේ ආකාරයට අතවරයට බඳුන්වී ඇත.
ඇය ඇතුළු සිසුවියන් පිරිසක් පසුගිය සඳුදා(23) පරිගණක විෂය කාල පරිච්ෙඡ්දයේ එම ගුරුවරයා සිටින කාමරයට පැමිණ අධ්‍යයන කටයුතු හදාරමින් සිටින අතරවාරයේ එම ගුරුවරයා මෙම සිසුවියට කියා ඇත්තේ ‘දුවට මේ ගැන වැඩිපුර දෙයක් උගන්වන්න මං කැමතියි.ඔයා අර එහා පැත්තෙ තියන කෑල්ලෙ කම්පියුටරේ ගාවට යන්නකො..’ ලෙසිනි.
ඒ අනුව පරිගණක කාමරයේම තවත් පාළු කොටසක පිහිටි පරිගණකය අසළට ගොස් ඇය වැඩ කරමින් සිටින අතර ගුරුවරයා ඇය අසළට පැමිණ ඇගේ සිරුර ස්පර්ශ කරන්නට පටන් ගෙන තිබෙනවා.
දැරියගේ පපු පෙදෙස හා රහස් ප‍්‍රදේශ නොනවත්වා ස්පර්ශ කරද්දී
ඇය බියටත් ලජ්ජාවටත් පත්වූ නමුත් ඇය දක්වන විරෝධය කිසිවෙකුට ඇසී නැත. පසුව කිසිවක් නොකර කරබා සිට ඇති ඇය කාල පරිච්ෙඡ්දය අවසානයේ එම කාමරයෙන්ද පිටව ගොස් ඇත.
මෙම සිදුවීම නිසා දුක්මුසුව සිට එදින නිවසට ගිය ඇගෙන් ඇගේ දෙමාපියන් හරස් ප‍්‍රශ්න ඇසීමේදී කොම්පියුටර් සර් තමන්ට හදි කරන්නට දැරූ උත්සාහය ගැන ඇය කරුණු අනාවරණය කර තිබෙනවා.
දැරිය දෙමාපියන්ට ඒ බව පැවසීමෙන් පසුව තවත් විදුහලේ මව්පියන් කිහිප දෙනකු සමග පසුදා විදුහලට පැමිණ එම විදුහලේ විදුහල්පතිනියගෙන් මේ ගැන යම් පියවරක් ගන්නා ලෙස දැරියගේ මව්පියන් ඉල්ලා සිටියා.
එහෙත් විදුහල්පතිනිය සිදුවීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නට මැළිවී ඇත. ‘ආපෝ  ඕව ඔප්පු කරන්න පුළුවන් කතා නෙමෙයිනෙ..’ ඇය කියා ඇත.
විදුහල්පතිනිය කිසිදු පියවරක් නොගැනීම නිසා දෙමාපියන් ඒකරාශී වී ඊයේ උදෑසන විදුහල ඉදිරිපිටදී විරෝධතාවකද නිරත වූ අතර එම අවස්ථාවේ පරිගණක කාමරයට කඩා වැදුණ පිරිස් එම ගුරුවරයාව බෙල්ලෙන් අල්ලාගෙන එළියට ගෙනවිත් පහර දෙන්නටද උත්සාහ දරා ඇත.
ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පිළියන්දල පොලිසිය කැඳවා තිබිණි.
පසුව දැරියගේ පියා විසින් පිළියන්දල පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව සැකකටයුතු ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.
සැකකාර ගුරුවරයා රත්මලාන ගාලූ පාරේ පදිංචි පනස් හැවිරිදි අවිවාහක පුද්ගලයකු බව වාර්තාවුණා.සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයද තීරණය කර ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්