ගඟක් පිරිසිඳු කරන්න මෝදි ඇඳුම් විකුණලා


පසුගිය දා ඉන්දීය සංචාරයක යෙදුන ඇමෙරිකන් ජනාධිපති බරක් ඔබාමා පිළිගත් අවස්ථාවේ දී ඇඳ සිටි අති සුඛෝපභෝගී ඇඳුම් කට්ටලය විකුණා එයින් ආධාර වැඩසටහනක් කරන්නට ඉන්දීය අගමැති මෝදි පියවර ගෙන තිබේ.



ඉන්දීය ජනරජ දින උත්සවයේ විශේෂ අමුත්තා වශයෙන් සහභාගි වූ ජනාධිපති ඔබාමා එකම ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි අතර, අගමැති මෝදි අගනා ඇඳුම් කට්ටල හතරකින් සැරසුණ බව වාර්තා වුණා. එම ඇඳුම් කට්ටලයේ ”නරේන්ද්‍ර මෝදි” යන නමද සටහන් කර තිබූ බව වාර්තා වුණා.
මෝදි සැරසුණු එම ඇඳුම් කට්ටල වෙන්දේසි කිරීමට අගමැතිවරයා පසුව තීරණය කර ඇති අතර එම ඇඳුම් කට්ටල දැන් වෙන්දේසි කර ඇත.
ඉන්දියානු මාධ්‍ය වාර්තා අනුව මෝදිගේ ඇඳුම් විකුණා ඉන්දීය රුපියල් මිලියන 43.1 ක් උපයාගන්නට හැකිවූ බව වාර්තා වුණා.
එම මුදල් ගංගානම් ගඟ පිරිසිදු කිරීමේ සද්කාර්යය වෙනුවෙන් යොදවන බව ඉන්දීය අගමැතිවරයා ප‍්‍රකාශ කර තිබේ.


Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල