තියුණු තරගයකින් පසු නවසීලන්තය ඕස්ටේ‍්‍රලියාව පරදයි
අද ඕක්ලන්ඞ්හි පැවති ලෝක කුසලානයේ සත්කාරක රටවල් දෙක වන ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය අතර තරගය අතිශය තියුණු මුහුණුවරක් ගත් අතර අවසානයේ ජයගත්තේ නවසීලන්තයයි.
මෙම තරගයේදී පිතිකරුවන්ගේ නොව පන්දු යවන්නන්ගේ දක්ෂතාවය මත තියුණු බව හා ජය පරාජය තීරණයවීම කැපී
පෙනෙන්නකි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු පිළට නවසීලන්ත පන්දු යවන්නන් එල්ල කළ පීඩනය නිසා පන්දුවාර 32.2 කදී ලකූණු 151 කට සියල්ලන් දැවී ගියා. නවසීලන්තයේ බොල්ට් කඩුළු 5 ක් ගැනීම එහිදී විශේසිතය.
151 පහසු ඉලක්කයක් වුවද නවසීලන්ත පිතිකරුවන්ට ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් එල්ල කළ පීඩනය නිසා නවසීලන්තයෙත් කඩුලූ පිට පිට දැවී ගිය අතර 9 වන කඩුල්ල දැවුනේ 22.4 ඕවරයේදීය ඒවනවිට ඔවුන් ලද ලකුණු 146 ක් වූ අතර ජය පරාජය දෙපිල අතර දෝලනය වුණා. අවසානයේ 23.1 ඕවරයේදී නවසීලන්තය ලකුණු 152 ක් ලබා ඕස්ටේ‍්‍රලියාව පැරදූ අතර එය තියුණු ජයග‍්‍රහණයක් විය. ඕස්ටේ‍්‍රලියාවේ ස්ටාර්ක් කඩුළු 6 ක් ගැනීම කැපී පෙනෙයි. තරගයේ වීරයා නවසීලන්තයේ බොල්ට්ය.
