ලෝකාන්තයෙන් පහලට වැටුණ චීනා අතුරුදන්

අද සෙනසුරාදා උදෑසන ලෝකාන්තය නැරඹීමට ගිය චීන ජාතික පුද්ගලයෙකු ලෝකාන්තයෙන් පහළට වැටීමෙන් පසු ඔහුව සොයා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් ක‍්‍රියාත්මක වෙනවා.
බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක්ද යවා ඔහුව සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මක නමුත් තවම ඔහු ගැන ආරංචි නැතැයි පස්වරු 12.15 ට පමණ ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක දන්වා තිබුණා.
මෙම චීන ජාතිකයා තවත් පිරිසක් සමග එහි ගොස් ඇති අතර ඔහු ලෝකාන්තයේ කෙළවරටවී ඡායාරූප ලබාගනිමින් සිටියදී පහළට වැටී ඇත. ඉන්පසු ඔහුගේ මිතුරන් පොලිසියට ඒ බව දන්වා ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට