විමල්ගෙ උපන් දිනේ වැරැද්දුවෙ නැන්දම්මලූ

විමල් වීරවංශ විසින් සිය උපන් දිනය වෙනස් කර දරුවන්ගේ උප්පැන්න සහතිකවලට ඇතුළත් කර ඇති බවට පළවන ප‍්‍රචාරයට පිළිතුරු දෙමින් එම වරද සිදු කරන ලද්දේ විමල් නොව විමල්ගේ නැන්දම්මා බවත් ඒ සම්බන්ධ නිවැරදි කිරීමක්

රෙජිස්ට‍්‍රාර් ජනරාල් අත්සනින්
නිකුත් කර ඇති බවත් කියමින් විමල් වීරවංශ සිය වෙබ් අඩවියෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.
අධිකරණයේ විභාගවන නඩුවට අදාළව මාධ්‍ය මගින් පැහැදිලි කිරීම කළ නොහැකි නමුත් විමල් සිය නිර්දෝෂීභාවය මාධ්‍ය වෙත නිකුත් කරන්නේ තමා අත වරදක් නැත යන්න ඒත්තු ගන්වන්නටය.
එහි සඳහන් වන්නේ පහත කරුණුය
----------------------------------
‘ඔහුගේ දරු දෙදෙනාගේ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා උපන් අවස්ථාවල කටයුතු කර ඇත්තේ බිරිඳගේ මව විසින් වන අතර එහිදී සහතිකවල සිදුව ඇති මෙම දෝෂය 2008 දෙසැම්බර් මස 01 වන දින සහකාර රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා මගින් මෙය නිවැරදි කර තිබේ.
මෙම නිවැරදි කිරීම ඔහුගේ දරු දෙදෙනාගේ උප්පැන්න සහතිකවල පැහැදිලිව දක්නට තිබේ.
විරවංශ මහතාගේ උපන් දිනය වන්නේ 1970 මාර්තු හත්වන දිනයි. එහෙත් ඔහුගේ නැන්දනිය විසින් දරු උපත් ලියාපදිංචි කර ඇත්තේ 1965 ලෙස යොදමිනි.’

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්