මහින්ද බලන්න ගමේ යන අයට ගම්මංපිලගේ බිරිය ෆ‍්‍රී ට‍්‍රාන්ස්පෝට් දෙන කතාව

මේ දිනවල හම්බන්තොට මැදමුලනේ කාල්ටන් නිවසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැහැදැකීමට යාම බොහෝ අයගේ අලූත් විනෝද ගමනක් බවට පත්ව තිබෙනවා.

මෙම ඉල්ලූමට සරිලන පරිදි එවැනි විනෝද චාරිකා සංවිධානය කරන අතරමැදි සංචාරක ව්‍යාපාරිකයින්ද බිහිවී සිටිනවා.
ඒ ඔස්සේ විහිළුවක් කරන්නට සිතූ කිසියමි අයෙකු
එසේ යන පිරිස් සඳහා නොමිලේ ප‍්‍රවාහන පහසුකම් සපයන බව සඳහන් කරමින් වෙබ් අඩවියක දැන්වීම් පළකර තිබෙන අතර බස්නාහිර පළාත් හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතාගේ

බිරිඳගේ දුරකථන අංකය එහි සඳහන් කර තිබෙන බව වාර්තා වුණා.

ගම්මංපිලගේ බිරිය එවැනි සංචාරක ගමන් සංවිධානය නොකරන නිසා එම දැන්වීම දැක දුරකථනයෙන් තොරතෝංචියක් නැතිව එන ඇමතුම් වලට පිළිතුරු දෙන්නට ගොස් වදයකට ලක්වී ඇති බවද වාර්තා වුණා.

නොමිලයේ ප‍්‍රවාහන පහසුකම් සපයන බවට වෙබ් අඩවියේ සඳහන් අංකයට පුද්ගලයන් කිහිපදෙනකු කතා කළ අවස්ථාවලදී ඇත්ත පහදා දුන් බවත් මේ ගැන පොලිසියට පැමිණිලි කරන්නට ගියත් සාධාරණයක් වේ යැයි නොසිතන නිසා කරබා සිටින බවත් උදය ගම්මංපිල පවසා තිබෙනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට