විමල්ගේ හාමිනේ 25 දක්වා රිමාන්ඞ්

කූඨ ලේඛන සකස් කර වංචනික ක‍්‍රියාවල නිරතවූ බවට සැකකෙරෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ පිළිබඳ අධිකරණ ක‍්‍රියාමාර්ග අද කඩුවෙල මහේස්ත‍්‍රාත් ධම්මික

හේමපාල ඉදිරියේ සිදු කිරීමෙන්
අනතුරුව ඇයව ලබන පෙබරවාරි 25 වන දින දක්වා රක්ෂිත බන්ධනා ගාරගත කරන්නට නියම විය.
ඇය අසනීප තත්වයෙන් පසුවන බව ඇගේ නීතීඥයින් කරුණු පැහැදිලි කළ නිසා මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රඳවා සිටින්නට අධිකරණයෙන් අවසර ලැබිණි.

විමල්ගේ බිරිය හදිසියේ අසනීප වූයේ විමල් වීරවංශ 18 වනදා තම බිරිය අත්අඩංගුවට ගත්නේ නැත්තේ මන්දැයි නුගේගොඩ රැස්වීමේදී ඇසීමෙන් පසුය.ඇගේ අසනීප තත්වය කුමක්දැයි පැහැදිලි කර නැත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට