ඉන්දියා ටුවර් එකේදි මෛත‍්‍රිගේ සාක්කුවේ කෝටි දෙකක් ඉතිරියි
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පසුගියදා සිදු කළ ඉන්දීය සංචාරය අල්පේච්ඡ ආකාරයට සිදු කිරීම නිසා ඔහුගේ සාක්කුවේ රුපියල් කෝටි 2 ක් ඉතිරිව ඇති බවත් එය ලංකාවේ සංවර්ධනය සඳහා යෙදවිය හැකි බවත් ජනපති මාධ්‍ය අංශය දන්වනවා.
අනවශ්‍ය වියදම් කපා හරිමින් ප‍්‍රථම විදෙස් සංචාරයේදී රජයට රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් ඉතිරි කර දීමට හැකිවීම ජයග‍්‍රහණයක් බවද මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.
17 දෙනෙකු සමග ජනපති ගිය ඉන්දියාවේ තෙදින නිල සංචාරයේ වියදම් වී ඇති සමස්ත මුදල රුපියල් පනස් හත් ලක්ෂ අසූ එක් දහස් හාරසියයක් පමණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ රජයට ඒ සඳහා රුපියල් දෙකෝටි හැට එක්ලක්ෂ හැට අට දහස් හාරසිය විසි අටක් වැය වී තිබෙන බව ජනාධිපති කාර්යාලය දන්වා ඇත.
ඒ අනුව මෙවර ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී රජයට ඉතිරි වූ මුදල රුපියල් දෙකෝටි තුන් ලක්ෂ අසූහත් දහස් විසි අටකි.
වත්මන් ජනාධිපතිවරයා ගමන් ගනු ලැබුවේ සාමාන්‍ය ගුවන් යානයක වුවත් හිටපු ජනාධිපතිවරයා මීට පෙර ඉන්දියාවට යැම සඳහා විශේෂ ගුවන් යානාවක් භාවිත කර තිබුණා.