ලෝකාන්තයේදී සුද්දා බේරාගත් කෝප‍්‍රල්ට උසස්වීමක්

ලෝකාන්තයෙන් පහළට වැටීමෙන් පසු ගසක එල්ලී ජීවිතයත් මරණයකතත් අතර සටනක නියැළුණ නෙදර්ලන්ත ජාතිකයා බේරාගැනීමට කටයුතු කළ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ තුන්වැනි සිංහ
රෙජිමේන්තුවේ කෝප‍්‍රල් සුදේශ් ලලින්ද අද (25දා) සිට ක‍්‍රියාත්මක වන පරිදි සැරයන් නිලයට උසස් කරන්නට යුද හමුදාව කටයුතු කර ඇත.
ඔහුගේ වීර ක‍්‍රියාව දෙස් විදෙස් මාධ්‍යවලද පළවූ අතර ඔහු ලංකාවට අභිමානයක් ගෙන ඒම මෙම උසස්වීම ලබාදීමට මුල් විය.
සුදේශ් ලලින්ද සහ වීර ක‍්‍රියාවට දායක වූ හමුදා සාමාජිකයන්ට යුද හමුදාපති ලූතිනන් ජනරාල් ඩබ්.ජේ.සී.ද සිල්වා මගින් ප‍්‍රණාම පුදකිරීමේ උත්සවයක් අද යුද හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට