ශෂී වීරවංශ අසනීපෙන් බව රහස් පොලිසිය උසාවියට කියලා

විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේදී ඊයේ රාත‍්‍රී අත්අඩංගුවට ගත් බවත්, ඇය අසනීපයෙන් පසුවන බව පවසා ඇති හෙයින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු තත්ත්වයක සිටීදැයි

අධිකරණ වෛද්‍ය නිලධරයකු ලවා පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය බවත් දන්වා එයට අවසර දෙන්නැයි ඉල්ලමින් රහස් පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් අද දහවල් අවසර ඉල්ලා සිටියා.
නමුත් මහේස්ත‍්‍රාත්වරයා පැවසුවේ ඇය අත්අඩංගුවට ගෙන 24 පැයක් ගත වී නැති හෙයින් අධිකරණ වෛද්‍ය නිලධරයකු ලවා පරීක්ෂණයක් අවශ්‍ය නම් රහස් පොලිසියට එය කළ හැකි බවකි. ඒ අනුව ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීම පමාවී ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට