මෛත‍්‍රීට එක්වන බව කියා ඇවිත් මයික් එක ඉස්සරහදී මහින්ද හොඳයි කියලා

අද දහවල් තිඹිරිගස්යාය පොදු විපක්ෂයේ මැතිවරණ මෙහයුම් කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වූ
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සන්ධාන නාගරික මන්ත‍්‍රී සාවිත‍්‍ර ද සිල්වා මහතාව සුජීව සේනසිංහ මන්ත‍්‍රීතුමා හඳුන්වා දුන්නේ අද මෛත‍්‍රී පිලට එකතු වන අයෙකු ලෙසිනි.
ඔහු මයික‍්‍රෆෝනය වෙතට ගොස්

කියා සිටියේ තමා වසර 3 ක දේශපාලනයක් කර ඇති බවත් දැනට 22 හැවිරිදි ලංකාවේ ලාබාලම මන්ත‍්‍රී බවත්ය. පසුව කියා සිටියේ මෙතැන සිටින අය පලිගැනීමේ දේශපාලනයක් කරන බවත් තමා කිසිසේත්ම මෛත‍්‍රී පිලට සහය දක්වන්නේ නැති බවත්ය.


ඔහු එවැන්නක් කියන්නට මෙතැනට ආවේ මන්දැයි මාධ්‍යවේදීන් විමසා සිටි විට කියා සිටියේ එය කීමට සුදුසුම තැන මෙතැන නිසාත් සියලූම නාලිකා පැමිණ ප‍්‍රසිද්ධ කරන අවස්ථාවක් නිසාත් ඒ ගැන කියන්නට තමා එහි ආ බවකි.

මෙම කතාවට සේනසිංහ මන්ත‍්‍රීවරයා හෝ කිසිවෙකු බාධා නොකළ අතර ඔහු මිනිත්තු කිහිපයකින් එතැනින් නැගිට ගියේය.

ඔහු තේ එකක්දී සංග‍්‍රහ කර යවන ලෙසද සේනසිංහ මන්ත‍්‍රීවරයා කියා සිටි අතර පසුව ඔහු එතැන අමතකවී දමා ගිය කොළ කැබැල්ලක මෛත‍්‍රී පිලට සහාය දක්වන්නට හේතුවූ කරුණු ලියා තිබෙන බවද පෙන්වා සිටියේය.
මෙම සිදුවීමේ ඬේලි මිරර් වීඩියෝව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි