ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)
මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර පැවති හැත්තෑපස්වෙනි ‘ටෝස්ට් මාස්ටර්’ ජාත්‍යන්තර ලෝක ශූරතා කථික තරගාවලියේදී දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට හිමි ලෝක ශූර කිරුළ හිමි කරගැනීමට ශ‍්‍රී ලංකාවේ ධනංජය හෙට්ටි ආරච්චි මහතා සමත් විය.
ඔහු ඊයේ දිවයිනට පැමිණියේය.
75 වසරක ‘ටෝස්ට් මාස්ටර්’ ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ආසියානු ජාතිකයෙකු මෙම ලෝක ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.
ටෝස්ට් මාස්ටර් ඉන්ටර්නැෂනල්
විසින් වසරක් පාසා පවත්වන මෙම තරගාවලියට ලොව පුරා රටවල් 126ක 14500ට අධික ටෝස්ට් මාස්ටර් සංගම්වලින් කථිකයෝ 30,000 ට අධික පිරිසක් සහභාගී වෙති.
ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක්
පැවැත්වෙන තරගාවලියේ ‘අයි සී සම්තින්’ යන මාතෘකාව යටතේ විනාඩි 7 ක කතාවක් පැවැත්වු ධනංජය පේ‍්‍රක්ෂකාගාරයේ සිටි සියළු දෙනා තම ග‍්‍රහණයට නතු කර ගත්තේය.
විටෙක හාස්‍ය මතුකළ ඔහුගේ කතාවේ ගැබ්ව තිබු පණිවිඩය සියළු දෙනාගේ අවධානය යොමු වීම මත ඔහු මෙම ජයග‍්‍රහණය හිමිකරගෙන ඇත.
මේ වන විට මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස සේවය කරන ධනංජය, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.
(රංජිත් ෆර්ඩිනැන්ඩස්-ගුවන්තොටුපොළ)
ඔහු කථාකරන අවස්ථාවක වීඩියෝව පහතින්