බැසිල් උසාවියෙන් බන්ධනාගාරයට රැගෙන යද්දී කෑගැසූ ජනතාව අධිකරණයට හූ කියූ හැටි video

ඊයේ රාත‍්‍රී කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට සියයක පමණ ගම්පහ ආධාර කරුවන් පිරිසක් රැස්ව සිටියා. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා අධිකරණ කටයුත්ත නිමකර බන්ධනාගාර බසයේ නැගී
වැලිකඩ යද්දී එම පිරිසට අතවනා ආචාර කළා.
එම අවස්ථාවේ ‘අපේ ඇමති තුමාට ජයවේවා’ කියමින් කෑ ගැසූ පිරිස බසය අල්ලන්නට
මෙන් එය පසුපසද දිවගියේ අහිමිවන දෙයක් නිසා ළතැවෙන කුඩා දරුවකු පරිද්දෙනි.

බසය ඔවුන්ගේ වේගයට අභිබවා එතැනින් ගිය පසුව එම පිරිස නැවත අධිකරණය ඉදිරිපිටට කෝපයෙන් පැමිණ ‘තොපිට හෙන ගහන්න  ඕන මේ කරපු අපරාදෙට..අපේ ඇමති තුමාට මෙහෙම දෙයක් උඹලට කරන්න පුළුවන්ද’

ආදී ලෙස නොසරුප් වදන්ද කියමින් බෙරිහන් දුන්නා. ඒ කෑ ගැසූවන් අතර කාන්තාවන්ද සිටියා. ටිකකන් ඔවුන් අධිකරනයට ඇසෙන්නට හූ හඬද පතුරා ඔවුන්ගේ ආවේගය පිටකරගෙන විසිර ගියා.
එම අවස්ථාවේ දෙරණ වීඩියෝව පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්