අදින් දින 100 ඉවරයි - රෑට ජනපති කථා කරයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ ආණ්ඩුවේ දින සියයේ වැඩ පිළිවෙළ සඳහා වෙන් කළ කාලය අදින් (23දා) අවසන් වේ.
ඉකුත් ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ දින සියයක කඩිනම් වැඩසටහන මැතිවරණ පොරොන්දුවක් ලෙස ජනතාවට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම වැඩපිළිවෙල යටතේ ඇතැම් කාරණා සාර්ථකව අවසන්වූ නමුත් තවත් කාරණා රැසක් ඉටු කර නැතිව පවතී.
මෙම වැඩපිළිවෙල අවසන් කිරීම හා ඉදිරියේ ගන්නා ක‍්‍රියාමාර්ග පැහැදිලි කිරීමට අද (23දා) රාත‍්‍රි 9.00ට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සියලූම ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
වාර්තා වන අන්දමට ලබන සතියේ 19 වන හා 20 වන සංශෝධන යෝජනා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවන්නට ජනපති තීරණය කර ඇත.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්