තරුණියකගේ රන් මාලෙ කඩාගෙන දියවන්නා ඔයට පැන්න තරුණයාට අමතක නොවන පාඩමක් (වීඩියෝ)

ඊයේ කෝට්ටේ දියවන්නා ඔය අසළ පාරේ ගමන් කරමින් සිටි තරුණියකගේ රන් මාලයක් කඩාගෙන පළායන්නට තැත්කළ තරුණයෙකු පසුපස කෑගසමින් එම කාන්තාව දිවයාමේදී අවට සිටියවුන් ඔහු
අල්ලන්නට වෙර දරා තිබුණා. විශාල පිරිසක් ඔහු පසුපස ආයෙන් එම අවස්ථාවේ කළ හැකි දෙයක් නැතිවූ සොරා දියවන්නා ඔයට පැන
පළායන්නට
උත්සාහ කළා.
සොරාට ඔය ඔස්සේ වැඩිදුරක් පිහිනායන්නට බැරිවූ අතර ඔහු ටික වේලාවකින් ඉවුරට සේන්දූවූ අවස්ථාවේ ඔහු අල්ලන්නට ආ පිරිසට කොටුවුණා.
එම අවස්ථාවේ ඔහුට පිරිස එක්ව පහරදුන් අතර සොරකමට ලක්වූ තරුණියද ඔහුට දිගට හරහට පහර එල්ල කර තිබුණා.
සොරකම් කරන ලද මාලය නැවත ලබාගන්නටද එම තරුණියට හැකිවුණා. මාලය කඩාගැනීමේදී කාන්තාවගේ ගෙල සීරී රුධිරය වහනයවී තිබෙනුද දක්නට ලැබුණා.
සොරා අල්ලාගත් හැටි හා තරුණිය සොරාට පහරදුන් හැටි වීඩියෝව පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්