ගින්දරී වෙනුවෙන් බර කිලෝ 6 කින් අඩු කලා - පබෝධා

බහුබූතයෝ චිත‍්‍රපටයේ අමතක නොවන චරිතයක් රඟපාපු පබෝධා, කාලෙකට පස්සේ බහුබූතයෝ දෙවැනි කොටස ගින්දරී චිත‍්‍රපටයෙන් නැවතත් ඒ චරිතයට පණදෙනවා. කොහොමද බහුබූතයෝ නවත්වපු තැනින් ආයෙමත් වැඩ පටන්ගත්තේ?

අවුරුදු 12කට පස්සෙයි මට ගින්දරි චිත‍්‍රපටයේිටිකිරි’ගේ චරිතය රඟපාන්න ලැබුණේ. ඒ කාලේ මම ටිකක් පොඩියි. හැබැයි දැන් මට පුතෙක් ඉන්නවා. ඒ නිසා කාලෙකට පස්සේ රඟපාපුිගින්දරි’ චිත‍්‍රපටය මට ලොකු අභියෝගයක් වුණා.

කොහොමද ඒ අභියෝගයට මුහුණ දුන්නේ?
බහුබූතයෝ රඟපාපු කාලෙට වඩා මම දැන් ටිකක් මහතයි. ඒ නිසා චරිතයට ගැළපෙන විදියට ඇෙඟ් බර අඩු කරගන්න එක තමයි ලොකුම අභියෝගයක් වුණේ. හැබැයි මම ව්‍යායාම කරලා කිලෝ 6කින් මගේ බර අඩු කරගත්තා.

වෙච්ච මහන්සියේ ප‍්‍රතිඵල ලැබේවි කියලා හිතනවාද?
අමාරුවෙන් රඟපෑවාට චිත‍්‍රපටයේ වැඩ ඉවර වුණාට පස්සේ හරිම සතුටුයි. රඟපෑම දැකපු අය නම් කියනවා මම ඒ චරිතය හොඳට කළා කියලා. බලමු පේ‍්‍රක්ෂකයෝ මොනවගේ ප‍්‍රතිචාර දක්වයිද කියලා.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්