විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

අලූත්වැඩියා කරන ලද විදුලි උපකරණ නව ඇසුරුම්වල අසුරා සකස් කරමින් අලූත් උපකරණ ලෙස උත්සව සමයේ අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු

පිළිබඳ
අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා පැවසීය.

මහාමාර්ග අසල සහ ජංගම වෙළෙඳ රථවලින් පැමිණ විදුලි උපකරණ අලෙවි කරන්නන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සභාපතිවරයා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මිල දී ගන්නා සෑම භාණ්ඩයක් සඳහාම වගකීම් සහතිකයක්, බිල්පතක් ඉල්ලා සිටීම පාරිභෝගික ජනතාව සතු අයිතියක් බවද සභාපතිවරයා අනාවරණය කළේය.

මිලදී ගන්නා විදුලි උපකරණවල යම් ගැටලූවක් මතුවුවහොත් බිල්පතත් සමග මාස 03 ක් ඇතුළත පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන ලෙස සභාපතිවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.
තිළිණි මධුවන්ති

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි