පියුමිගේ දෙවන විවාහය පලාත්සභා මන්ත‍්‍රී එක්ක

ටෙලි නාට්‍ය නිළි පියුමි බොතේජු ඇගේ දෙවන විවාහය පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සමග ළඟදිම සිදු කරන්නට යන බව වාර්තා වනවා. ඇය කියා සටින්නේ අවසන් මොහොත වනතුරු ඔහු කවුදැයි හෙලි කරන්නට බැරි බවයි.
මේ අතර ඔහු ඇය දීර්ඝ කාලයක සිට දන්නා පෙම්වතකු බවත් ඉදිරියේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට අදහසින් සිටින අයෙකු බවත් ඇය කියා සිටිනවා.
පියුමි බොතේජු කලක් කලා ශිල්පී හර්ෂ බුලත්සිංහල සමග විවාහ වන්නට සූදානමින් සිට මාධ්‍ය වලට පවා ඒ ගැන කියා සිට එක්වරම එම තීරණය වෙනස් කර ජපානයේ වෙසෙන ලාංකිකයෙකු සමග විවාහ වුණා. නමුත් එම විවාහය ස්කයිප් වලට පමණක් සීමාවූ සම්බන්ධයක් බවට ඇය පසුව මාධ්‍ය වෙත අදහස් දක්වා දැන්වූ අතර විවාහවූ පසු පියුමි මෙහි සිටියදී ඔහු දිගටම සිටියේ ජපානයේය.
මින් මාස ගණනකට පසු ඇය ඔහුට වෙනත් පෙම්වතියක සිටින බවට චෝදනාවක්ද කර
 එම විවාහයෙන් දික්කසාදවූ අතර පළාත් සභා මන්ත‍්‍රීවරයා සමග හාදවී ඇත්තේ ඉන් පසුය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි