පේරාදෙණියේදී පෙරටුගාමී - ජේවීපී ගැටුමින් 4 ක් රෝහලේ

පේරාදෙනිය ගන්නෝරුව ප‍්‍රදේශයේ පෙරටුගාමී පක්ෂයේ සහ ජවිපයේ දෙපිරිසක් අතර ගැටුමකින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

තුවාල ලැබූ දෙදෙනෙක් හා අත්අඩංගුවට පත් 4 දෙනෙකු ජවිපෙ සාමාජිකයින් බව පැවසුණා.
පේරාදෙනිය ගන්නෝරුව ප‍්‍රදේශයේ පිහිටා ඇති පෙරටුගාමී පක්ෂයේ කාර්යාලයක කුලිය නොගෙවීම සම්බන්ධයෙන් හිමිකරු සමග හටගත් ආරවුලකින් පසු එය දේශපාලන ගැටුමක් බවට පත්ව ඇතැයි කියැවුණා.
මෙම ගැටුම නිසා ගොඩනැගිලි හිමිකරු පෙරටුගාමී පක්ෂයේ බඩු මුට්ටුද එළියට ඇද දමා ඇතැයි පසුව වාර්තා වුණා.