අගමැති රනිල් ඉන්දියාවේ පූජාවකට ගිහින් ඇවිත්

අගමැතිවරයා ඉන්දියාවට ගොස් ඇත්තේ මෙම පූජා කටයුත්ත සඳහාම පමණක් වන අතර ඊයේ උදෑසන
ඉන්දියාව බලා පිටත්ව ගිය අග‍්‍රාමාත්‍යවරයා ඊයේ සවස 05.20ට පමණ යළි දිවයිනට පැමිණි බවද වාර්තා වුණා.
අගමැතිවරයා ඊයේ දවල් කේරළ ප‍්‍රාන්තයේ ගුරුවායුර්හි සුප‍්‍රසිද්ධ ශ‍්‍රී ක‍්‍රිෂ්ණ දේවාලයේ
ආගමික වතාවත් සඳහා එක්ව තිබෙන බව වාර්තා වුණා.
රනිල් ක‍්‍රිෂ්ණ දේවාලයේ වතාවත් සඳහා විශාල පුජා වට්ටියක් රැගෙන ගිය බවත් එහි සම්ප‍්‍රදාය අනුව යමින් කෙසෙල් සීනි මල් සහ සඳුන් තැන්පත් කර තිබූ බවත් වාර්තා වුණා.
ඔහු දේවාලයට පූජා කළ සඳුන් වල වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 8.45ක් පමණ වූ අතර එහි කිලෝ 77ක සඳුන් තිබී ඇත.
රනිල් වික‍්‍රමසිංහ ඉන්දියාවේ ගත කළ පැය කිහිපයේ ඉන්දියානු නායකයින් කිසිවෙකු හමුවන්නට නොගිය නමුත් ඔහුට ඉහළ ආරක්ෂාවක් ලබාදි තිබෙන අතර ආරක්ෂක අංශ සාමාජිකයන් 1000ක් යොදවා තිබූ බවද වාර්තා වුණා.
අගමැති බිරිය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය හා අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් මේ අවස්ථාවට එක්ව තිබේ.


