බැසිල් රිමාන්ඞ් දින 12 ක් වැලිකඩ

ඊයේ සවස අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ
රාත‍්‍රී 9.35 ට පමණ කඩුවෙල මහේස්ත‍්‍රාත් උසාවියට රැගෙන එනු ලැබුවා.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක යන දෙදෙනාද බැසිල් සමග
අධිකරණයට ඉදරිපත් කළ අතර මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල විසින් තිදෙනාම ලබන මැයි 5 දක්වා දින 12 කට බන්ධනාගාර ගත කරනු ලැබුවා.
බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු
පිරිස කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට රැගෙන යාමත් සමග අධිකරණයෙන් පිටත රැස්ව සිටි දහසකට අධික පිරිසක් කෑකෝ ගසමින් උද්ඝෝෂණ කළ බවද වාර්තා වුණා. කෑ කෝ ගැසූ පිරිස් බැසිල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමට විරෝධය දක්වන ආකාරයේ සටන් පාඨ කියා සිටියා.

එම ස්ථානයට පොලිස් ආරක්ෂාව තරකර තිබූ අතර ඉන් එහාට කලබලයක් ඇති වූයේ නැත.
අනතුරුව බැසිල් ඇතුළු තිදෙනා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගියේ බන්ධනාගාර රියෙනි.
මේ අතර වාර්තා වූයේ මහජන උද්ඝෝෂණ ඇතිවිය හැකි නිසා වැලිකඩ බන්ධනාගාරය අවට හා බේස්ලයින් පාරේ ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන ඇති බවයි.
කැරලි මර්දන පොලිස් කණ්ඩායම්ද සෙසු පොලිස් බල ඇණිද තැන තැන රඳවා තිබුණ බව කියැවුණා.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්