ජාතික රූපවාහිනියේ අවුරුදු නැකැත් අවුල් - ආහාර අනුභවය වෙනුවට ස්පොන්සර්ඞ් පෙරහැරක් - හිසතෙල් ගෑමේදී ජනපතිව ඇඞ් එකට කැපේ

 මෙවර සිංහල අලූත් අවුරුදු උත්සවයේ නැකත් අවස්ථා සජීවී ලෙස විකාශය කිරීමේදී ජාතික රූපවාහිනිය අනුග‍්‍රාහකයින්ගේ අවශ්‍යතා
ඉටුකරන්නට ගොස් අවුල් සහගත ලෙස හැසිරීම ලක්ෂ සංඛ්‍යාත පේ‍්‍රක්ෂකයින්ට හාස්‍යය ඇති කරවන්නට හේතුවක් වුණා.
14 වනදා දවල් 2.42 ට සිදු කරන ලද ආහාර අනුභවය නැකත වේලාවේ මෙවර කිසිවෙකු තම නිවසේදී නරඹන්නට ජාතික රූපවාහිනිය තෝරාගෙන තිබුනේ නම් එම අවස්ථාවේ විකාශය වූයේ පෙරහැරකි.
පෙරහැරින් පැමිණි අනුග‍්‍රාහක බැංකුවේ පිරිස
ටික වේලාවක් පෙන්වා ගනුදෙනුවක් සිදු කරනුද පෙන්වා ජාතික රූපවාහිනියේ ආහාර අනුභවයක් දිස්වූයේ 2.58 ට පමණය. ඒ වනවිට නරඹන්නන් ආහාර අනුභව කර අවසන්ය.
15 වනදා (අද) උදෑසන ජාතික රූපවාහිනිය හිසතෙල් ගෑමේ ජාතික උත්සවයද විකාශනයේදී අවුල් කරගත් අතර ජනපති මෛත‍්‍රිපාල ඇමති රාජිත ඇතුළු පිරිස හිසතෙල් ගෑම ස\හා සූදානම්ව ස්වාමීන් වහන්සේ නම ඉදිරියේ සිටියදී මිනිත්තුවක පමණ වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරයකට ගොස් නැවත සජීවී විකාශයට එනවිට 9.06 ට තිබුණ නැකතට තත්පර 23 ක් පමණ ඉතිරිව තිබුණ නමුත් ජනපතිගේ හිසේ තෙල් ගෑම ආරම්භ කර අවසන්ය. ජනපති තෙල් ගා ඉවත්වන අවස්ථාවට කැමරාව යොමු විය.
මේ හේතුවෙන් රාජ්‍ය උත්සවයේ පළමු පුරවැසියාගේ හිසතෙල් ගෑම බාගෙට කපා ප‍්‍රචාරය කරන්නට අනග‍්‍රාහකයින් නිසා ජාතික රූපවාහිනියට සිදුවිය.

මෙම අවස්ථා දෙකෙහි වීඩියෝ පහතින්


Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්