ශ‍්‍රීලනිපයට මොකද වෙන්නේ යයි සාකච්ඡා කරන්න මැදමුලනට මන්ත‍්‍රීවරුන් 57 ක් ගිහින්

ශ‍්‍රීලනිපයේ අනාගතය කුමක් වේද යන්න සාකච්ඡා කිරීමේ අටියෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවසට අද සවස ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 57 දෙනෙකුට ආසන්න ප‍්‍රමාණයක් පැමිණි බව වාර්තා වුණා.
ඒ අය අතර නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනද සිටීම විශේෂත්වයකි.

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මේ ගැන
මාධ්‍ය අමතා ප‍්‍රකාශයක් නිකුත් කර ඇති අතර ඔහු සඳහන් කරන්නේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල නියෝජිතයින් රැසක්ද අද එක්ව සිටි බවයි.
හිටපු අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම,බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම , දිනේෂ් ගුණවර්ධන විමල් වීරවංශ, ටී.බී .ඒකනායක, ජී.එල් .පීරිස් , සාලින්ද දිසානායක, මහින්දානන්ද අළුත්ගමගේ , ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මෙම අවස්ථාවට එක්ව සිටියා.
එම අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝ පහතින්





Pix by Sanath Gamage (courtasy -dailymirror.lk) Video By - Adaderana.lk

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්