නිම් හිම් සෙව්වා සංගීතඥ නිමල් මෙන්ඩිස් සමුගනී අමරදේව සමග නිමල් නිම්හිම් සෙව්වා ගැයූ හැටි Video

ප‍්‍රවීන සංගීතඥ නිමල් මෙන්ඩිස් මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වුණා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් විය.
චිත‍්‍රපට රැසකට සංගීතය නිර්මාණය කර ඇති ඔහු නිම්හිම් සෙව්වා මා සසරේ, ගඟ අද්දර හා මාස්ටර් සර් ඇතුළු රසික හදදිනූ නිර්මාණ රැසකට දායක වූවෙකි.

බටහිර සංගීත ආර, මෙරට සංගීතයට මුසු කිරීමට ඔහු දැක්වූ දක්ෂතාව හේතුවෙන්
ඔහුගේ නිර්මාණ ජන හදවත් තුළ නොමැකි පවතී.
වසර 30 කට අධික කාලයක් එංගලන්තයේ පදිංචිව සිටි ඔහු සම්බන්ධවූ චිත‍්‍රපට අතර ගඟ අද්දර,

බැද්දේගම, සුසීමා, ගැහැණු ළමයි, අහසින් පොළවට, කොළඹ සන්නිය, ගෝඞ් කිං, දුවට මවක මිස වෙයි.
කොළඹ ශාන්ත පීතර හා ගල්කිස්ස ශාන්ත තෝමස් හා කොළඹ රාජකීය විදුහලේ ඉගෙනගත් ඔහු එංගලන්තයට ගොස් උසස් අධ්‍යාපනය හදාරා ඇත.
1979 වසරේදී ඔහු ගඟ අද්දර චිත‍්‍රපටයේ සංගීතය වෙනුවෙන් හොඳම සංගීත නිර්මාණයට හිමි  ඕසීඅයිසී සම්මානය හිමි කරගත්තේය. සරසවිය, ජනාධිපති සම්මාන ආදියද ඔහුගේ සංගීත නිර්මාණ දිවියේ ලැබූ සම්මාන අතර වේ.
ආචාර්ය අමරදේවයන්ගේ සසර වසන තුරු ප‍්‍රසංගයේදී නිමල් මෙන්ඩිස් පැමිණ නිම්හිම් සෙව්වා ඉංග‍්‍රීසි සංස්කරණය අමරදේවගේ සිංහල හඬද සමග ගැයූ අපූරු අවස්ථාව පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්