කිසිදු මැයි රැලියකට මහින්ද නෑලූ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විිසින් කොළඹ හයිඞ් පිටියේ පැවැත්වීමට යන මැයි දින රැලිියට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ 8 ක් හා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය එක්වී කිරුළපන පිටියේ පැවැත්වීමට යන මැයි දින

රැලියට හෝ සහභාගි නොවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.

වත්මන් රජය දේශපාලන හේතූන් මත සේවකයන් රැකියාවලින් දොට්ට දැමීම නිසා තමන් ශ‍්‍රීලනිප රැළියට එක්නොවන බව මහින්ද රාජපක්ෂ කාල්ටන් නිවසට පැමිණි මන්ත‍්‍රීවරුන්ට පවසා ඇත.
සමසමාජ, කොමියුනිස්ට්, විමල්ගේ කණ්ඩායම වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය විසින් කිරුළපන පිටියේ පැවැත්වීමට යන මැයි දින රැලියට සහභාගි නොවන නමුත් එයට සුබ පැතුම් පණිවුඩයක් එවන බව මහින්ද රාජපක්ෂ පවසා ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි