අලූත් ඇමති මහින්ද යාපා ගෙනා මන්ත‍්‍රී ඩියුටි ෆ‍්‍රී වාහන පර්මිට් යෝජනාව අහකට

මෑතකදී පත්කරනු ලැබූ පාර්ලිමේන්තු කටයුතු ඇමති මහින්ද යාපා අබේවර්ධන විසින් පසුගිය සතිය මැද පැවැත්වූ කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ගෙනා
යෝජනාවක් ප‍්‍රතික්ෂේපවී තිබේ. මෙම යෝජනාව වී ඇත්තේ පාර්ලිමේන්තු
මන්ත‍්‍රීවරුන්ට අලූතින් තීරුබදු රහිත වාහන ගෙන්වීමට අවසර බලපත‍්‍ර (පර්මිට්) ලබාගැනීමකි.
මෙම මොහොතේ එවැනි යෝජනාවකට ඉඩනැතැයි කැබිනට් රැස්වීමේදී ජනපති මෛත‍්‍රිපාල සිරිසේන පෙන්වාදී ඇත.