ගෝඨා අද අල්ලස් කොමිසමට


රක්නා ලංකා සමාගම සහ ඇවන්ඞ්ගාඞ් සමාගම පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අවශ්‍ය ප‍්‍රකාශ ලබාදෙන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සිදුකළ ඉල්ලීමකට අනුව අද

(23දා) ප‍්‍රකාශයක් ලබාදීමට
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ගෝඨාභය අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂම් සභාවට කැඳවීමට විරෝධය පෑමට උදේ 8.30 ට අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටද සංවිධානය කර තිබෙන බවත්, ඒ සඳහා දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන සාමාජිකයන් රැසක් සහභාගී වන බවත්, පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙන බව පොලිසිය කියයි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්