බැසිල් ආවා නේදැයි මහින්දගෙන් ඇසූ විට දන් නෑ කියලා

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි බව තමන් නොදන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

ගම්පහ පැවැති
උත්සවයකට හිටපු ජනපතිවරයා එක්වූ අවස්ථාවේදී බැසිල් මන්ත‍්‍රීවරයාගෙ පැමිණීම පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීවේය.

‘ ආ.. එයා ආවද? මම දන්නේ නෑ. එයා ගම්පහ එයාගේ දේශපාලනය කළා. මම මගේ දේශපාලනය කළා” යැයි මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත.
( චානක චන්ද්‍රසේකර )

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි