බැසිල් අද 1.45 ට ලංකාවේ ඇරෙස්ට් කිරිලි වෙනුවට පිළිගැනීමේ උත්සව

හිටපු ජනපති මහින්දගේ සොයුරු හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පස්වරු 1.45 ට දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ, ඩුබායි සිට පැමිණෙන ඊ.කේ. 348 එමිරේට්ස් ගුවන් යානයකිනි.
ඔහු පැමිණි විට අත්අඩංගුවට ගන්නා බවට මින් පෙර ආරංචි තිබුණත් අද සිදුවනුයේ ඔහුගේ පැමිණීම පිළිගනිමින් මහින්ද පාක්ෂිකයින් ඔල්වරසන් නද දීමේ උත්සව අවස්ථා කිහිපයකට ඔහු එක්වීමයි.
කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ සම්බන්ධ අල්ලස් හා දූෂණ විමර්ශන
සඳහා ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් කට උත්තර ලබාදීම ඉදිරි දිනවලදී සිදුවනු ඇත.
ඔහු පාර්ලිමේන්තුවේ නිවාඩු දීර්ඝ කර ලබාගෙන ඇති නිසා එම පැමිණීම සටහන් කරන්නටද ඔහු පාර්ලිමේන්තු යනු ඇත.
අද බැසිල්ගේ පැමිණීම නිසා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ

පර්යන්තයට අමුත්තන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව නතර කර ඇති බවද වාර්තා වනවා. එහෙත් පිටත්වීමේ පර්යන්තය වෙනසකින් තොරව ක‍්‍රියාත්මක වනවා.
පසුගිය ජනපතිවරණ පරාජයෙන් පසුව බැසිල් විදෙස් ගතවූයේ කිසිවෙකුට නොදන්වාය.

නමුත් ඔහු රටහැර ගිය පසු මහින්දගේ පරාජයට ඔහු වගකිව යුතු බවට එම පක්ෂයෙන්ම විවේචන එල්ලවී තිබුණි.

ආර්ථික සංවර්ධන විෂය භාරව ඔහු ලංකාවේ වැඩිම වටිනාකම් සහිත ව්‍යාපෘති භාරව සිටි ඇමතිවරයා ලෙස ඉතිහාසගතවී සිටි.
ඔහු අත පෙවූ ව්‍යාපෘති අතර ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ පොර්ට් සිටි ව්‍යාපෘතියත් පැකර්ගේ කැසිනෝ සූදු ව්‍යාපෘතියත්, දිවි නැගුම ව්‍යාපෘතියත් තිබේ.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්