කරුණු හරියට දන්වනකං අල්ලස් කොමිසම මෙහෙ එන්න එපා- මහින්ද දන්වයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමාගෙන් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වන්නේ කුමන කරුණු සම්බන්ධයෙන්දැයි යන්න පැහැදිලිව දැනුම් දී නොමැති හෙයින් අද (24) ප‍්‍රකාශයක්
ලබාදීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට ලිපියක් යවමින් ඊයේ (23) දැනුම් දී තිබේ.

නමුත් තිස්ස අත්තනායක මහතාට අමාත්‍ය ධුරයක් ලබාදෙන ලද්දේ ජනාධිපතිවරයා ලෙස තමාට ලැබුණු බලතල යටතේ බව මහින්ද රාජපක්ෂ මහතා එම ලිපියෙන් අල්ලස් කොමිසමට දැනුම් දී ඇත.

අල්ලස් කොමිසම තමාගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන්නේ කුමන කරුණ සම්බන්ධයෙන් දැයි අදාළ ලිපියෙන් දන්වා නොමැති බවත් තමාගෙන් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වන්නේ කුමන කාරණා පිළිබඳවද යන්න දැන ගැනීමට තමාට අයිතියක් ඇති බවත් හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට දැනුම් දී තිබේ.


මංජුල ප‍්‍රදීප් වීරසූරිය

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි