අල්ලස් කොමිසමට එරෙහි අත්සන් 111 ලියවිල්ල 116 ක් වුනේ සනත් ජයසූරියට ඉලක්කම් වැරදීම නිසා

පසුගියදා පාර්ලිමේන්තුවේදී වර්ජනයක නිරතවූ මන්ත‍්‍රීවරුන් කණ්ඩායම අල්ලස් කොමිසමේ ප‍්‍රධානියාට සිය විරෝධය පළකරමින් අත්සන් 116 ක ලියවිල්ලක් ලබාදුන් බව පැවසුණත් එහි ඇත්තටම
තිබී ඇත්තේ අත්සන් 111 කි. එය 116 ක් ලෙස ගණනය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය වැරදි ඉලක්කමක්
යෙදීමේ දෝෂයකින් පසුය. 83 ඉලක්කමට පසු(එය 88 යයි සිතා) සනත් ජයසූරිය

මන්ත‍්‍රීවරයා 89 අංකය යොදා අත්සන් කර ඇත.

මෙම පටලැවිල්ලට අදාළ ලියැවිල්ලේ පිටපතක් මේ දිනවල සමාජ ජාල ඔස්සේ පැතිරෙන අතර එම සටහන පහතින් දැක්වේ.

ඒ අනුව අංක 83 නිර්මල කොතලාවල අත්සන් කළ පසු සනත් ජයසූරිය අංක 89 යොදා ඇති අතර සනත්ගෙන් පසුව 90 සරණ ගුණවර්ධන 91 තිලංග සුමතිපාල ආදි ලෙස එම අංකන දෝෂය දිගටම කරගෙන ගොස් ඇත.

එම සටහන පහතින් බලන්න

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි