කෝට්ටේ මහා නගර සභා ගොඩනැගිල්ල විකුණා අලූත් එකක් හදනවාට විපක්ෂ විරෝධය
ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා ගොඩනැගිල්ල කඩා එම ඉඩම විශාල මුදලකට විකුණා යාබද තවත් ඉඩමක අලූතින් ගොඩනැගිල්ලක් තනා නගර සභාව පිහිටුවීමේ යෝජනාවක් නගරාධිපතිවරයා ඉදිරිපත් කර ඇති
බවත් නගරාධිපතිවරයා ඉඩම් විකිණීමේ ව්‍යාපාරික චේතනාවකින් මෙය කරන බවත් කියමින් කෝට්ටේ මහනගර සභා විපක්ෂය විරෝධතාවයක් දක්වා ඇත.
විපක්ෂ නායක සුගත් අප්පුහාමි මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
වර්තමාන නගරාධිපතිවරයා නගරාධිපති ධූරයට පත් වී ටික දවසකින් අලූත්වැඩියා කිරීම සදහා ලක්ෂ 300 කට අධික මුදලක් වැය කළ මෙම ගොඩනැගිල්ල දැන් සුදුසු නැතැයි කීමද
හාස්‍යයට කරුණක් බව කියන ඔහු කෝට්ටේ ගොඩනැගිලි අතරින් ඉතා පෞරාණික වටිනාකමක් ඇති මෙම ගොඩනැගිල්ලෙන් නගර සභාව ඉවත් කර ගොඩනැගිල්ල කඩා ඉවත් කර සුපුරුදු පරිදි ඔහුගේ ඉඩම් විකිණීමේ මාෆියාව යොදවන්නට
සූක්ෂ්මව සූදානම් වන බවත් ගොඩනැගිල්ල සදහා ඇස්තමේන්තු කර ඇති මුලූ වටිනාකම රුපියල් මිලියන 900 කට ආසන්න බවත් හෙළි කර ඇත.
නව ගොඩනැගිල්ල සඳහා දැනටමත් රුපියල් මිලියන 12 කට වඩා වැඩි මුදලක් උපදේශන ගාස්තු වශයෙන් ගෙවා ඇත්තේ මුල්ගලක් හෝ නොතබා බවද ඔහු පෙන්වා දෙයි.