පොට්ට නවුෆර් හිරේදි අවුරුදු ක‍්‍රීඩාවකින් ප‍්‍රථමයා

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කිරීමට වරදකරුවී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින පොට්ට නවුෆර් හෙවත් එම්.එන් නවුෆර් අවුරුදු උත්සවයක සංගීත පුටු තරගයක් ජයග‍්‍රහණය කර ඇති බවට පුවතක් වාර්තා වනවා.

මෙම අවුරුදු උත්සවය පවත්වා ඇත්තේ ඔහු දැනට සිරගතව සිටින බදුල්ල බන්ධනාගාරයේය.
මියුසිකල් කාර්ඞ්ස් නමැති එම ක‍්‍රීඩාව මියුසිකල් චෙයාර්ස් හෙවත් සංගීත පුටු තරගයට සමාන ක‍්‍රීඩාවක් වූ අතර ඇසක් අන්ධ නවුෆර්ට එම තරගයෙන් පළමු තැන ලැබීම විශේෂ කාරණාවක් ලෙස එහි රැඳවියන් අගය කර තිබුණා.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්