මැද කොලඹ හෝමාගම මොරටුව කඩුවෙල ඡන්ද බල ප‍්‍රදේශ වෙනස්වෙයි

ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට නියමිත මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ යෝජනාව අනුව ඉතාමත් කෙටි කලකින් වෙනස් කළ හැකි සරල මැතිවරණ ක‍්‍රමයක් සඳහා යෑමට ශ‍්‍රීලනිපය යෝජනා කරනවා.

මෙහිදී ඡන්දදායකයන් ලක්ෂයකට වඩා ඇති මැද කොළඹ හෝමාගම මොරටුව කඩුවෙල යන මැතිවරණ කොට්ඨාශවල සීමා යළි නිර්ණය කිරීමට යෝජනාවී ඇත.
ඡන්දදායකයින් 50,000කට අඩු ඡන්ද කොට්ඨාස ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබෙන අතර එවැනි කොට්ඨාස
පහක් යාපනය දිස්ත‍්‍රික්කයේ ඇති බවට හඳුනාගෙන ඇත.
වර්ග කිලෝමීටර 1000කට අධික භූමි ප‍්‍රමාණයක් සහිත ඡන්ද කොට්ඨාසවල සීමා නිර්ණය කිරීමට නියමිත අතර
නැගෙනහිර, අනුරාධපුර, තිස්සමහාරාමය, අම්පාර ඇතුළු ඡන්ද කොට්ඨාස කීපයක් ඒ සඳහා හඳුනාගෙන ඇත.
එසේම බහු ආසන සහිත ඡන්ද කොට්ඨාස කීපයක් අලූතින් නිර්මාණය කිරීමට යෝජනා වී ඇති අතර දැනට පවතින සමස්ත ආසන සංඛ්‍යාව 160ක් වන අතර එය 150 දක්වා අඩු කරන්නට නියමිතය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්