අපවත්වූ මහනායක හාමුදුරුවන්ගේ සොහොයුරිය කියන කතාව


”අපේ මහානායක හාමුදුරුවෝ මගේ සහෝදරයා වුණත් අපි කාටවත් විශේෂයක් කළේ නැහැ. කුඩා කාලෙත් තාත්තා එක්ක බුදුන් වැන්දා. හැමදාම හරිම නිශ්ශබ්ද චරිතයක්. උන්වහන්සේ මහණ වෙන්න කලිනුත් සිල්වත්.”

අපවත්වී වදාළ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ‍්‍රී බුද්ධරක්තාභිධාන මාහිමිපාණන්ගේ බාල නැගණිය වන ෙඡ්. එම්. බණ්ඩාර මැණිකේ (66) විශ‍්‍රාමික ගුරු මාතාව පැවැසුවාය.

පැරණි මතකය අවදි කළ බණ්ඩාර මැණිකේ ගුරු මාතාව මෙසේද සඳහන් කළාය.

”උඩුගම රතනපාල මහනායක හාමුදුරුවෝ අපේ ලොකු අප්පච්චි. උන්වහන්සේ ගාවට තමයි අපේ අපත්වුන මේ මහානායක හාමුදුරුවෝ මහණ වෙන්න ගියේ. ගුරු දේවයන්ට මහා පුදුම භක්තියක් තිබුණා. අධ්‍යාපනය අතරමග දාලා ඇවිත් උන්වහන්සේට ඇප උපස්ථාන කළේ.

අසනීපයක් වුණත් අපිට දැනුම් දෙන්නෙ නෑ. පරිස්සම් වෙන්න කියලා අපි කිව්වහමත් කියන්නෙ මම මහණ වුණේ හැමදාම ඉන්නයෑ. අපි හැමෝම තාවකාලිකයි කියනවා.

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ