මන්ත‍්‍රීවරු 250 යි 150 ක් කොට්ඨාසෙන් 100 ක් ජාතික අනුපාතෙන් 1 කොට්ඨාසෙකට 1 මන්ත‍්‍රී කෙනයි අලූත් මැතිවරණ ක‍්‍රමය අනුව මන්ත‍්‍රීවරු තෝරන හැටි
ලංකාවේ මනාප ඡන්ද ක‍්‍රමය වෙනස් කළ යුතු යයිද ඒ නිසා අපතේ යන මුදල් හා අධික තරගය නිසා හටගන්නා ප‍්‍රචණ්ඩත්වයේ සංස්කෘතිය වෙනස් විය යුතු යයිද ආසනයට වගකියන ජනතා නියෝජිතයින් පත්විය යුතු යයිද කලෙක පටන් විවිධ යෝජනා පැවතිණි. ඒ අනුව නව රජය බලයට පැමිණීමේදී මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම
දින සියය යටතේ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් පවතින පළාත් පාලන ආයතනවල පුළුල් බල අධිකාරය තවමත් සන්ධානය සතුව පැවතීම නිසා දින සියය තුළ මේ වෙනස සිදු කරන්නට එජාපය එතරම් කැමැත්තක් නොදැක්වූයේ ඡන්ද පදනම අවිනිශ්චිතව පවතින ඔවුන්ට එයින් අවාසියක් විය හැකිය යන අදහසද ඇතිවය.
මේ අතරවාරයේ නව රජය යටතේ ව්‍යවස්ථා සංශෝධනය සමග මැතිවරණ ක‍්‍රමයද වෙනස් කළ යුතු බවත් 19 ට තමන් ඡන්දය දෙන්නේ 20 වන සංශෝධනය ලෙස මැතිවරණ වෙනසද සිදුකළොත් පමණක්ය යන ස්ථාවරයේ සන්ධානය සිටී. ඒ අනුව මේ දිනවල රජය පැත්තෙන් නොව ශ‍්‍රීලනිපය පැත්තෙන් යෝජනාවක් ලෙස නව මැතිවරණ ක‍්‍රමය ගැන කෙටුම්පත සකස් වන අතර එය ලබන 20 වනදා පාර්ලිමේන්තුයට ඉදිරිපත් කරන්නට යන බවද ආරංචි වෙයි.
ඒ අනුව නව මැතිවරණ ක‍්‍රමය වන්නේ ආසනයකට වගකියන එක් මන්ත‍්‍රී කෙනෙක් තෝරන කේවල ආසන මැතිවරණ ක‍්‍රමයකි. මෙහිදී ජාතික අනුපාතය යනුවෙන් ක‍්‍රමයක්ද හඳුන්වාදී පක්ෂයක් ලබන ප‍්‍රතිශතය මත දිස්ත‍්‍රික්කයකට ආසන කිහිපයක් වෙනම පිරිනැමීමටද යෝජිතය.
මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදී ඇත්තේ නව ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තු ආසන 250 ක් පවතිනු ඇති බවකි. මේ 250 න් ආසන මට්ටමින් කේවල ක‍්‍රමයට මන්ත‍්‍රීවරුන් 150 ක් පත්කරනු ඇත. ඉතිරි 100 පත් කරන්නේ ජාතික අනුපාත ක‍්‍රමයටයි.
ඒ අනුව උදාහරණ ලෙස කොළොන්නාව ආසනය සැලකුවොත් එජාපයෙන් ඒ නැමැති පුද්ගලයාද ශ‍්‍රීලනිපයෙන් බී නමැති පුද්ගලයාද ජවිපයෙන් සී නමැති පුද්ගලයාද ආදී ලෙස තරග වදින අතර කොළොන්නාවෙන් ඉල්ලන ජනප‍්‍රියම පුද්ගලයා එම ප‍්‍රදේශයේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට තේරෙනු ඇත. දෙක තුන හා පහළ ස්ථාන ලබාගන්නා පුද්ගලයින් පරාජය වෙයි. ඔවුන්ට මන්ත‍්‍රී පදවි නැත.
දෙවනුව සලකන ජාතික අනුපාත ක‍්‍රමය වන්නේ, සමස්ත මහමැතිවරණය පැවැත්වීමෙන් පසු දිස්ත‍්‍රික්ක මට්ටමින් ඒ ඒ පක්ෂ ලබාගන්නා ඡන්ද ප‍්‍රතිශතය අනුව තවත් ආසන 100 ක් ලබාදීමයි. එම අනුපාත ක‍්‍රමය මත කොළඹ දිස්ත‍්‍රික්කයට වෙන් කරන්නේ ආසන 10 ක් නම් එජාපය ශ‍්‍රීලනිපය හා ජවිපය ආදී පක්ෂ කොළඹදී ලබාගත් අනුපාත මත ආසන 10 බෙදී යනු ඇත. එලෙස තෝරාගන්නා අය පක්ෂයේ තීරණය අනුව තේරෙනු ඇත.
ඔවුන් දිස්ක‍්‍රික්කය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ය.
මෙම ක‍්‍රමය යටතේ මනාප පොරය ශූන්‍යවී යනු ඇත. මන්ද එක් ආසනයක පක්ෂයකින් තරග කරන්නේ එක් කෙනෙකු නිසා ඒ අය මතක තබාගැනීමේ ගැටලූවක් ඡන්ද දායකයන්ට නැති නිසාය.
පැවති ක‍්‍රමය යටතේ අහවල් ආසනයේ මන්ත‍්‍රී කවුදැයි කිසිවෙකු නොදන්නා තත්වයක් පැවතීම නිසා ජනතාව අපහසුතාවයන්ට ලක්වූ අතර ඇතැම් ආසනවල ඡන්දය දෙන්නට නිශ්චිත කෙනෙකු තෝරාන්නටද අමාරු විය.
දිස්ත‍්‍රික්කයේ වැඩියෙන්ම වියදම් කරන අය හෝ ක‍්‍රීඩා කලා ක්ෂේත‍්‍රවල ජනප‍්‍රිය අය මේ නිසා ලෙහෙසියෙන් මන්ත‍්‍රීවරුන් බවට පත් විය.
මෙම නව ක‍්‍රමය යටතේ ඡන්දයෙන් දිනන කෙනා ප‍්‍රදේශයට වගකියනු ඇත. එම තැනැත්තාට ප‍්‍රදේශයට වැඩ නොකර ඊළඟ ඡන්දය දිනන්න බැරි තත්වයක් ඉබේම නිර්මාණය කර ඇත. පක්ෂයකට වඩා කාර්යක්ෂම පුද්ගලයෙකු ඉස්මතුවීමද මෙම ක‍්‍රමය යටතේ කැපී පෙනෙයි.
ඉහත ක‍්‍රමය තවමත් කෙටුම්පත් කර සාකච්ඡා මට්ටමේ තිබෙන අතර එහි සංශෝධන පාර්ලිමේන්තු විවාදය තුළ සිදුවීමට ඉඩකඩ පවතී. කෙසේ නමුත් මෙම ක‍්‍රමයට ප‍්‍රධාන පක්ෂ ගණනාවක් කැමැත්ත පළ කර ඇත.නමුත් ඡන්ද පදනම සෑම ප‍්‍රදේශයකම ස්ථාපිත කරගන්නට හැකියාව නැති සුළු පක්ෂ මෙයට විරුද්ධ වනු ඇත.