පින්නවල අලි අනාථාගාරයට නුදුරින් ලංකාවේ දෙවැනි සත්තු වත්ත 17 සිට

පින්නවල ශ‍්‍රී ලංකාවේ දෙවැනි සත්වෝද්‍යානය අපේ‍්‍රල් 17 වැනි දින දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කරන්නට නියමිතය. රුපියල් මිලියන 483 ක් වියදම් කර මෙහි පළමු අධියරේ වැඩ අවසන් කර ඇත.
පින්නවල අලි අනාථගාරයට නුදුරින් අක්කර 140 ක භූමි ප‍්‍රමාණයක් යොදා ගෙන සත්වෝද්‍යානය ඉදි කර ඇත. පළමු අධියරේ වැඩ කටයුතු සඳහා වාගොල්ල ගොවිපළ භුමියෙන් අක්කර 47 ක් සත්වෝද්‍යා දෙපාර්තමේන්තුව පවරාගෙන ඇත. මේ අක්කර 47 භූමි ප‍්‍රමාණය දෙහිවල සත්තුවත්ත මෙන් දෙගුණයකටත් වඩා වැඩි භූමි ප‍්‍රමාණයකි.
මෙහි ආරක්ෂිත තාප්ප, අභයන්තර මාර්ග පද්ධති ද සකස් කර ඇත. සතුන් රදවා තැබිමට අවශ්‍ය ස්ථාන, ජල ටැංකි නිල නිවාස හා සේවක නේවාසිකාගාර ආදි කොටස් රාශියකින් සමන්විතය.
සත්වෝද්‍යානය 17 වනදා විවෘත කරනු ලබන්නේ කබිර් හෂිම්, නවීන් දිසානයක, වසන්ත සේනානයක, චම්පිකා පේ‍්‍රමදාස යන ඇමති හා නියෝජ්‍ය ඇමතිවරුන්ය.