සීඑස්එන් ලොක්කා නිශාන්ත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට

හිටපු ජනපති පුතුන්ට අයත් බව සැලකෙන සීඑස්එන් නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත රණතුංග මහතා  පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අද  ප‍්‍රශ්න කරන බව වාර්තා වනවා.
සීඑස්එන්හි මුල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස ප‍්‍රශ්න කරන බව වාර්තා වනවා.
නිශාන්ත රණතුංග ක‍්‍රිකට් ආයතනයට භාරවද සිටි නමුත් මෙම ප‍්‍රශ්න කිරීම ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය වංචා සම්බන්ධව නොවන්නකි.
හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුද වන නිශාන්ත රණතුංග ඇමති අර්ජුනගේ සොයුරෙකි.